Sunday, September 14, 2014

ඌව පලාත් සභා මැතිවරණයේ තීරණාත්මක බලවේගය ජනතා විමුක්ති පෙරමුණ බව ආණ්ඩුවේ සමීක්ෂණ වාර්තාවකින් පෙන්වා දී තිබේ. මැතිවරණයේ ප්‍රචාරක කටයුතු ආරම්භ වීමත් සමගම ආණ්ඩුව විසින් රහසිගතව මෙම සමීක්ෂණය අරඹා ඇත්තේ ආරක්ෂක අංශ වලද සේවාවන් ලබා ගනිමිනි. එකී සමීක්ෂණ වාර්තාව අනූව මෙතෙක් පැවති පලාත් සභා මැතිවරණ වලට වඩා ඌව පලාත් සභා මැතිවරණය වෙනස් මුහුණුවරක් ගන්නා බවද හෙළි කර ඇත. ඊට හෙතුව ලෙස පෙන්වා දී ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානය හා එක්සත් ජාතික පක්ෂය අභිබවමින් ජනතා විමුක්ති පෙරමුණ ඌවේ චන්ද සටනට ප්‍රවේශ වීමය. මීට පෙර පැවති පලාත් සභා මැතිවරණ වලදී ජවිපෙ අත් පත් කර ගත් දේශපාලන ජයග්‍රහණ හේතුවෙන් ඌව පලාත් සභා මැතිවරණය තුන්කොන් සටනක් බවට පත්ව තිබෙන බවද සමීක්ෂණ වාර්තාව ආණ්ඩුවට පෙන්වා දී ඇත. මෙම රහස් සමීක්ෂණ වාර්තාව ලැබීමත් සමගම ආණ්ඩුවේ ප්‍රබලයින් විශේෂ සාකච්චාවක් පවත්වා ඇති අතර එහිදී ඌව පලාතේ ජනතා විම්ක්ති පෙරමුණ ප්‍රබල ලෙස ඉස්මතු වීම වැලැක්වීමට ගත හැකි ක්‍රියා මාර්ග පිලිබඳවද සාකච්චා කෙරී ඇත.

එක්සත් ජාතික පක්ෂයෙන් ප්‍රබල ලෙස ආණ්ඩුවට විවේචන එල්ල නොවන බවත් ආණ්ඩුවේ ජයග්‍රහණයට තර්ජන එල්ල වෙමින් ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ විසින් සිය වේදිකා වලදී ආණ්ඩුවේ වන්ච දූෂණ හා ජාවරම් වලට එරෙහිව ජනතාවට කරුණු හෙලිදරව් කිරීම බවත් සමීක්ෂ්ණ වාර්තාව වැඩි දුරටත් පෙන්වා දී ඇත. යම් හෙයකින් ඌවේ බලය එක්සත් ජනතා නිදහස් සන්ධානයට නොලැබුනහොත් එක්සත් ජාතික පක්ෂයෙන් පලාත් සභාවට ඉදිරිපත් වී ජයග්‍රහණය කරන ප්‍රබල අපේක්ෂකයින් කිහිප දෙනෙකුගේ සහය සන්ධානයට ලබා ගනිමින් නැවත වරක් ඌව පලාත් සභාවේ බලය තහවුරු කර ගැනීමට ආණ්ඩුව විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති බවද දැන ගන්නට ඇත.


Next
This is the most recent post.
Previous
Older Post

0 comments:

Post a Comment