Sunday, September 14, 2014


පසුගිය දා ජනතා විමුක්ති පෙරමුණ විසින් මහියංගනය ප්‍රදේශයේ සංවිධානය කර තිබූ දැවැන්ත ජනතා රැළියක් අමතමින් සමන්ත විද්‍යාරත්න මහතා වැඩුදුරටත් සඳහන් කලේ  

“ඌව පලාත දුප්පත් කියන කාරණයට එකග නෑ. සැබැවින්ම පොහොසත්. බලන්න අනුර විදානගමගේ ගෙ වාහන පෙලේ වටිනාකම. වාහන 15ක් 20ක් යනවා. hummer යනවා defender යනවා. hummer එකක වටිනාකම ලක්ෂ 450යි. බලන්න හරීන් ප්‍රනාන්දුගෙ වාහන පෙල. එතනත් ඒ විදියම වටිනාකමක් තියෙනවා. බලන්න ශෂීන්ද්‍ර රාජපක්ෂ යන වාහන පෙල. 30යි 40යි ගමක රැස්වීමකට ආවොත්. 

බලන්න තොණ්ඩමන්ගෙ වාහන පේලිය. එයත් එහෙම තමයි. මේ වාහන ටික ඔක්කොම එකතු කරලා වික්කොත් ඌවෙ මුලු ජනතාවටම අවුරුදු දෙකක් නිකන් කන්ඩ දෙන්න පුලුවන් ගෙදර බුදිය ගනිල්ලා කියලා. මුන් ඔච්චර මහා දනස්කන්දයක් හෙව්වෙ කොහෙන්ද??? ඔබේ වටිනා කතිරයෙන්. ඔබ දුප්පත්. උන් පොහොසත්.“

(මෙහි සම්පූර්ණ කථාව පහතින් ලබාගත හැක.)
මහියංගනය නගරයේ පැවති විජයග්‍රාහී ජනරැළිය

0 comments:

Post a Comment